Tuesday, November 18, 2014

GREEN TEA





නොකෙරෙන වෙදකමට කෝදුරු තෙල් හත් පට්ටයක් තිබුණත් මදි කියලානේ කියන්නේ. අන්න ඒ වගේ තමයි ඉක්මනට ඇග හැඩ කරගන්න කියලා හිතාගෙන ග්‍රීන් ටී කල්දේරම් ගණන් බිව්වත් සමහර වෙලාවට ඔබ බලිපොරොත්තු වෙන ඉලක්කයට යන්න ඔබට අමාරු වෙන්න පුලුවන්. ප්‍රශ්නය තියෙන්නේ ග්‍රීන් ටී වල නෙමෙයි. ග්‍රීන් ටී කියන්නේ හොද ප්‍රතිඔක්සිකාරක ගුණ තිබෙන පානයක් වුනාට ඔබ බලාපොරොත්තු වන ඉලක්කයට යන්න ග්‍රීන් ටීවලට විතරක්ම බාර දුන්නොත් ඒක කල්ගත වෙන්න තිබෙන හැකියාව තමයි වැඩි. මෙන්න මෙි නිසා තමයි සමහර අය චෝදනා කරන්නේ මාස ගණන් ග්‍රීන් ටී බිව්වත් ප්‍රතිඵල හරි මන්දගාමියි කියලා.
නියම ග්‍රීන් ටී වල ස්වාභාවික ගාසීනියා අඩංගු වෙනවා. එය එහි ක්‍රියාකාරී සංගටකයයි. ආසියාතික රටවල් වන අපි ගාසීනියා අනාදිමත් කාලයක ඉදලා ආහාරයක් හැටියට ගන්න නිසා ගාසීනියාවල තියෙන මේදය දහනය කිරීමේ ගුණය ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ. එදිනෙදා සාමාන්‍යෙයන් බොන තේ එක වෙනුවට ගාසීනියා තියෙන ග්‍රීන් ටී එකක් බිව්වාට වැරැද්දක් නෑ.
                                                                               (www.Fadna.com)



No comments:

Post a Comment