Tuesday, November 25, 2014

ඉංග්‍රීසි ඔීඩයේ ජෙට් මිනිසා

යුවිස් රොසී කුඩා කාලයේ සිටම සිහින දැක්කේ කුරුල්ලෙකු සේ පියාඹා යාමටයි. ඒ සදහා කල යුත්තේ කුමක්දැයි සොයමින් ඔහු කාලයක් තිස්සේ විවිධ අත්හදා බැලීම් කළේය. අවසානයේදී ඔහු කුඩා ජෙට් යානාවක් මෙන් බල ගැන්වෙන තටු 2ක් නිර්මාණය කර එය ශරීරයට සවි කර පියෑඹීමට තීරණය කළේය. ඉංග්‍රීසි ඹ්ඩය හරහා 35kmක් පියාඹා යන්නට ඔහුට හැකිවිය.
                                                                                     කාබන් වලින් නිර්මාණය කර ගත් කෘත්‍රීම තටු සමග කුඩා ගුවන් යානයට ගොඩ වැදුනු රොසී 2500mක් ඉහලට ගොස් ගුවන් යානයෙන් පැන තමන්ගේ ජෙට් තටු ක්‍රියාත්මක කර වේගය 200kmphකින් පියාඹා යන ලදී. ඔහු මීට පෙර විනාඩි 10කට වඩා පියාඹා නැත. ඔහුගේ ජෙට් තටුවලට ඉන්ධන ගබඩා කර ඇති ආකාරයට වි.10කට වඩා පියාඹා යාම අසීරුය. කෙසේ වෙතත් ඔහු තමන්ගේ බර පාලනය කර ගනිමින් හා වෙිගය වැඩි කර ගනිමින් සාර්ථකව පියාසර කළේය. මේ සම්පුර්ණ ගමන හෙලිකොප්ටර 2කින් හා කුඩා ගුවන් යානා 2කින් පටිගත කරන ලදී. මොහු 2004 වර්ශයේ ජෙට් තටු සමග පියාඹා ගිය ප්‍රථම මිනිසා ලෙස ඉතිහාසයට එක් විය.

   


      

No comments:

Post a Comment